0073 (Bonus)

1.8K 363 124
                                    

..

..

..


මූනවත් නොබලා ඒ යන්න ගිය තාලෙට තිනු බලාපොරොත්තු උනේ පිටිපස්ස පේළියේ හිස් පුටුවක් උනත් පලවෙනි පීරියඩ් එකට බෙල් කරද්දිම පලවෙනි දවසෙ වගේම දෑස් තදින් පියාගෙන මේසෙට බර උනු රූපයක් ජීවමාන වෙලා තිබුනා...

මහ සද්දෙන් පොත් ටික ඩෙස්ක් එක උඩින් තියලා...සද්දෙන් පුටුව පිටිපස්සට ඇද්දත්....ඒ තදින් පියවුනු ඇස් දශමයක් හෝ එහෙ මෙහෙ නොවෙද්දි....පීරියඩ් කීපයක් ගත වෙලා යනකම් ඒක ඒ විදිහම උනා....සිංහල ගුරුවරිය කෙටි කතා ගැන දීර්ඝ විස්තරයක් කරන් ගියා උනත්...ඒ පාඩම කොයිතරම් වැදගත්ද කියන්න සැරින් සැරේට කෑ ගහලා ලමයිට මතක් කරන ගමන් ගුරුවරිය පාඩම කරගෙන ගියා උනත්.....ඒ පියවුනු ඇස් තවමත් එහෙම්මම උනා..




..May i go to the toilet Madam ...

ඩබල් පීරියඩ් දෙක අවසන් වෙන්න ලන් වෙලා ගෑනු ළමයෙක් අහනකොට ලමයිට කරන්න දීලා තිබුනෙ අභ්‍යාසයක් වෙනකොට ගුරුවරිය ඔලුව වැනුවා...

..තනියම යන්න එපා...


කිව්වත් නැතත් ගෑනු ළමයි කවද්ද තනියම ටොයිලට් ගියේ....යන්න අහපු කෙල්ල පුටුව පිටිපස්සට කරලා නැගිටිද්දි මනමාල කුරුල්ලො නම් නැගිටපු කෙල්ල ඇකිලුනු ගවුම හදාගන්න හැටි කටත් ඇරන් බලන් හිටියා...ගවුම එහෙ මෙහෙ වෙන නිසා වාඩිවෙනකොටත් නැගිටිනකොටත් ගෑනු ළමයි මොනදේටත් කලින් කරන්නේ ඒක හදාගන්න එක වෙද්දි...කොල්ලන්ට නම් ඊටත් දෙයක්නෑ අල්ලගෙන හිනාවෙන්න නම්.....

කන වෙලාවටවත් අත් දෙක අල්ලන් ඉන්න ඒ කෙල්ලගේ නැට්ට වගේ යාලුවා එක්කම දෙන්නා ගියේ පන්තියෙන් එලියට...අත් දෙකත් වන වන හරියට.නිකම් ට්‍රිප් එකක් යනවා කියලා හිතාගෙනද.....කෙල්ලො දෙන්නා ගියත් හරි දසුන් නම් බෙල්ල හරවලා ගුරුවරිය දිහාබැලුවෙ අමුතු විදිහට...

..මැ..ඩා...............................ම්.

..මොකද.!

ඒ කතා කරන්න නම ඇදපු විදිහ නම් ගුරුවරියට ඇල්ලුවෙ නෑ....ඉතින් ඇස් යටින් බලන ගමන් එයා ඇහුවෙ ටිකක් නොරිස්සුමෙන් වගේ වෙද්දි දසුන් මෝඩ හිනාවක් දැම්මා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now