0077

1.6K 380 98
                                    


..
..
..

අයි අයි ඕතර් බබාට කවර් එකක් හම්බෙලානේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අයි අයි ඕතර් බබාට කවර් එකක් හම්බෙලානේ......ඉල්ලුව ගමන් නෑ බෑ නොකියා ඉක්මනට හදලා දුන්නා...හුගක්.ස්තූතියි U_N_I_UNI අක්කි ඒක හරි ලස්සනයි ..🤗නිල් කටරොලු මලටම ගැලපෙන නිල් පාට...........

..
..
..

කාත් කවුරුත් නැති ගෙදර අප්පච්චිටයි ධතාශ්ටයි විතරක් පුලුවන්ද නිකම් ඉන්න...එහෙම හිටියත් ඔන්න අප්පච්චි කොහෙට හරි වෙලා වැඩක් කරයි...ධතාශ්ටත් ඔය වත්ත පිටියෙ වැඩ තියෙයි..දෙන්නගෙ කටින් නම් දෙන්නා වෙනුවෙන් එක වචනයක්වත් පිට පනින එකක් නෑ....ගම්මු කියනවා වගේ අප්පලා පුතාලා දෙකම එකයි නිසා ඉදීවි බුම්මන් වෙනතක් බලාගෙන.

සරමට උඩින් දාගත්තු කමිසෙ එක්ක අප්පච්චි කඩුල්ල පැනල යද්දි ධතාශ්ත් ඒ පස්සෙන් ඇදුනේ අම්මා ගෙදර නෑ කියන සැනසීමෙන්..අම්මා විතරක් නෙවෙ තීනුත් වෙලාවටම ගෙදර නැති වෙද්දි...ජාතික් ඇදුම ගානට දනහිස ලගට කොට කලු කලිසම එක්ක ලේසියෙන් කිලිටි නොවෙන තද පාට ශර්ට් එකක් අදින කොල්ලා දූවිලි පාට කකුල්වලට බාටා දෙකක් හිර කරන් අප්පච්චි පස්සෙ ඇදුනේ හරි ඉක්මනට ...

..සෝමයා මේ ලගදි මගෙන් ඇවිත් සිංහල කොච්චි තියෙනවදැයි ඇහුවා...

.. ම්..මන් දැනගත්තා ගහේ කොල විතරක් ඉතුරු වෙලා තියෙද්දි...

..කිතුලක් තිබ්බට වැඩක් නෑ ඕකගෙ ගෙදර සිංහල කොච්චි ගහක්වත් තියෙනව කියලද...ඒකට මූ කිතුල බාන්ඩ...

ධතාශ් ඔව්වට මොනවත් කියන්න ගියේ නෑ....කියන්නත් වගෙ කිතුල බාන්න නම් සිංහල කොච්චි ඕනමයි....සිංහල කොච්චි අබරලා අල්ලක් සයිස් ගුලියක් හදලා ඒකටම ගම්මිරිස් ඇට දෙක තුනක් එකතු කරලයි කිතුල බාන්නේ.....කිතුල් කදේ පොඩි කොටසක් කොටුවට කපලා ඒ සිදුරට ඔය කොච්චි ගුලියයි ගම්මිරිස් ඇට දෙක තුනයි එබුවාම ටික දවසක් යද්දි ඕන කරන දියරය ගානට පෙරිලා එනවා...නිකම්මත් නෙවේ කද ඇතුලෙ තියෙන පොතු වැලි සේරම එක්ක ඒ සිදුර ගාවින් එල්ලන මුට්ටියට ගානට පිම්මට පිරිලා ඉතිරෙනවා....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now