0059

1.7K 387 155
                                    

..
..
..


කොලබ අහසට පායපු ඉර බැහැගෙන යන්න පටන් අරන්....යාන්තමට වගේ ඇහෙන කලබලෙන් වාහන එහා මෙහා යන හඩට කන් දෙන ගමන් දිනේශ් බලන් හිටියේ කුස්සියේ වීදුරු කවුලුවෙන් පේන ලා දම් පාටකට හැරුනු අහස දිහා....සමහරු හිතුවත් අහස කීයටවත් දම්පාට වෙන්න බැහැයි කියලා හරි සොඳුරු අවස්තා තියෙනවා ලා රෝස පාට එක්ක හාමුවෙලා අහසෙ දම් පාට රටා මැවෙන.....හිතාමතා නොවුනත් හීනයක් හා සමානව මග ඇරිලා යන ලෝකෙ කොයිතරම් හැඩයිද කියලා මොහොතක් නතර වෙලා බලන්නම ඕන...

..හදනකම් බෙරිහන් දෙනවා හැදුවට පස්සේ වෙන කොහෙද බලන් භාවනා කරනවා...ඔය තේ එක බොන්නෙ නැද්ද දිනූ....

පිහියකුත් අතේ තියන් මොනාදෝ කපන ගමන් හිටිය තූර්යා කුස්සියේ ඉදන් කෑ ගහද්දියි දිනේශ් මේ ලෝකෙට ආවේ......ගෑනු නම් ඔහොම්මමයි...දාහක් වැඩ තිබ්බත් ඒ සේරම දාලා ගෙදර මිනිස්සු එවෙලෙම තේ එක බොන්න ඕන...එහෙම නැත්නම් කනක් ඇහිලා ඉන්න වෙන්නෙ නෑ.......නිවුනත් මොකෝ කියලා දිනේශ් එක හුස්මට තේ එක බීලා දැම්මා.....


..කසාය බොනවා වගේ එක හුස්මට බීලා දාන්නෙ දැන් මං හදන තේ රස නැති නිසාද ..ආ දිනූ කතා කරනවා...!!



තඩ් සද්දෙන් පිහිය කටින් බෝඩ් එකට වැටෙද්දි දිනේශ් ඇගිලිතුඩුවලින් නලල තෙරපගත්තා...දැන් නොබිව්වත් වැරදී බිව්වත් වැරදී.....ඉනටත් පහලට වෙන්න දිග කොන්ඩෙ තිබුනෙම කොයිවෙලාවෙත් තනි කරලට ගොතලා වෙද්දි...කෑම මේසෙ වාඩිවෙලා හිටිය දිනේශ් ගාවට තූර්යා ඇවිදන් ආවේ ඒ කොන්ඩෙත් වටයක් කැරකෙන්නම ගස්සලා දාලා.....


..මං දැන් එහෙම දෙයක් කිව්වද සුදූ....ඔයා බොරුවට කේන්තිගන්නේ....


දිනේශ් ඇස් දෙක හීනි කරන් ඉනටත් අත් දෙක තියාගෙන රවාගෙන හිටිය තූර්යා දිහාට එක බැල්මක් පා කරලා හිස් උනු කෝප්පේ මේසෙන් එහාට තල්ලු කලේ පුරුද්දට වගේ.....හැබැයි ඒක දැක්කත් හරි ඉනට අත තියන් හිටිය.තූර්යගේ එක අතක් ගිහින් දිනේශ්ගේ ඔලුව පිටිපස්සෙන් නතර උනා......


..ඇයි අත් දෙකක් නැද්ද ගිහින් කෝප්පෙ හෝදන්න ..ඒකත් මන්ද අතට පයට කරලා දෙන්න ඕන...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now