0085

1.4K 309 139
                                    


..

..

..

හොල්මන් මන්දිරේ බලලා බය උනා කියනවටත් වඩා ඒකෙ ඉන්න හොල්මන් ටිකත් ආත භූත කරවලා ගෙදර එනකොට පාන්දර දෙකත් පහුවෙලා..දවල්ද රෑද කියලා නොබලා වෙනසක් නැතුවම වෙසග වෙනුවෙන් පාරවල් දෙපැත්තේ නිවිලා ගිය පහන් වැටවල් වගේම වෙසක් කූඩු රදවපු නානාවිධ වර්නේ ලයිට් වැල් දිස්නේ දෙන්න ගන්නකොට.....සැරින් සැරෙ හෝන් හඩක් එක්ක පාරෙ ඇදිලා ගිය වාහනයක් ...එහෙම නැත්නම් හොල්මන් මන්දිරේ බලන්න ගාටන ගමේ මනුස්සයෙක්ගේ ටෝච් එලියක් නිසා පාරෙ පොඩ්ඩක්වත් පාලුවක් නොතිබුනු තරම්.....

යම් තරමක හෝ නිහඩකමක් තිබුනත්....ඒ නිහඩකම වැලි පොලොවට බර වීගෙන සර සර ගාන සෙරෙප්පු හඩක් එක්ක බිදිලා යද්දි...ඉදහිට ඒ අතරින් නැගුනු හීන් කෙදිරියක්....ආදරනීය හාදුවක මෘදුමය හඩක් එක්ක කවරදාටත් වඩා ඒ පාරෙ නිහඩකම බිදිලා විසිරිලා යන ගමන් තිබුනා...

..දැන්ම නිදාගන්න එපා ම්ම්...තව ටික දුරයිනේ...

..ඒත් නිදිමතයිනේ...

..හොල්මන් බලලා තාම අඩි කීයද ආවේ...ඔච්චර ඉක්මනටම නිදිමත එනවද ම්..ආ සුදු මහත්තයා.....

ධතාශ්ගෙ සීතල දෙතොල් ආයෙත් වතාවක් මැදියමත් පහු උනු රෑක නැගෙන සිහිල් හුලන් පොද අතරින්ම තීනුගෙ මෘදු කම්මුලක තැවරුනා....දෙන්නෙක් ඒ දූවිල්ල පිරුනු ගුරු පාරෙ ගමන් කලා උනත්...අඩි හඩක් ඇහුනේ එක් කෙනෙක්ගෙම විතරක් වෙද්දි..හාදුවත් එක්ක දැනුනු හීන් කිතියට සුදු මහත්තයා උගුර යටින් කෙදිරි ගාලා ධතාශ්ගෙ බෙල්ල අස්සට මූන තද කරගත්තා...ඒ අත් දෙකත් හරි තදට ධතාශ්ගෙ කර වටේ එතෙද්දි...එයා වැල්ලට අඩිය තියන වාරයක් පාසා නැගෙන චරස් චරස් හඩේ රිද්මෙටම තීනු එයාගෙ කකුල් දෙකත් හරි විනෝදෙට ඉස්සරහට පස්සට පැද්දුවා....

..දගලන්න එපා ලමයෝ...දැන් නිදිමතයි කිව්වා නේද ආ..

..නිදිමතයිනේ..

..ඒකනේ...එහෙනම් ටිකක් දගලන්නෙ නැතුව ඇස් පියන් ඉන්න...ඔහොම දැගලුවොත් නම් අපි දෙන්නම බිම ඉදී....

ධතාශ් කතා කරනවා....ඇවිදන් යන ගමන්...හීනියට ඒ කලවා දිගේ ඇගිලිතුඩු අරන් යන ගමන් කතා කරනවා......කලින් නිදාගන්න එපා කියාගෙන..දැන් එයාම නිදාගන්න කියද්දි...ඒ දැනෙන සියුම් ස්පර්ශයටම තීනුගෙ ඇස් පියවෙන්න එනවා....ඒ නින්ද කැඩෙන්න නොදීම ධතාශ් පරිස්සමට එයාගෙ වස්තුවට තට්ටු දාන ගමන් විවේකයක් නැතිවම ඒ මූන පුරා හාදු තවරනවා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now