0048

1.7K 423 113
                                    


..
..
..




..ලොතූ කෝද නන්නේ...හ්හ්....




චූටි කෙල්ලට කොහොමත් අයියගෙන් තොර ලෝකයක් නෑ ...අම්මා අප්පච්චිට වඩා කෙල්ල හැදුනෙම අයියා අතේ වෙද්දි....අප්පච්චි කොහෙ ගියා උනත් ගානක් නැති බට්ටිට ලොකු කොහෙ යන්න හැදුවත් එයා පස්සෙන් යන්නම ඕන....ඇවිදින්න ඉගෙන ගත්තු කාලෙ ඉදන්ම ඒක එයාගෙ පුරුද්දක්....

යනවා කියන්න ඕන නෑ හොදට නාලා,වෙනදට හවස් වෙද්දි අදින ලා දුබුරු පාට සරම වෙනුවට කොට කලිසමකට කමිසයක් දාගද්දිම....කෙල්ල දන්නවා අයියා ඔය කොහෙ හරි යන්න තමා කියලා.....

...ගමනක් යන්නෙ ඉතින් ....



දුවගෙන ඇවිත් කෙල්ල කකුලෙ එල්ලෙද්දි ධතාශ් හිනාවකින් ඒ කැරලි කොන්ඩෙ අවුල් කලා....බෙල්ල ගාවට කොට කැරලි ගැහුනු කොන්ඩෙ පොඩ්ඩල් හරි පිලිවෙලට තියෙන්නෙ උදේට විතරයි ....මොන්ටිසෝරියෙන් එක්කන් එද්දි ගහපු කොන්ඩ කටු හොයාගන්නත් නෑ ඔලුව නිකම් කාක් කූඩයක් වගේ ...එහෙම කියලා අයියගෙ කොන්ඩෙත් වෙනසක් නෑ.....පනාවක් දැකලා නෑ ආසාවට.....

ගමනක් යන්නෙ කියන ගමන් ධතාශ් මිදුලෙ ගලවලා තිබ්බ එයාගේ බාටා දෙක හොයන්න ගත්තා....ගෙදර ඉන්න හත් දෙනාගෙම බාටා ගලවන්නෙ ස්තෝප්පුව ගාව මිදුලෙන් වෙනකොට ගමනක් යන්න ගියාම තමන්ගෙ ජෝඩුව හොයන්න ගේම පීරන්න වෙනවා...වැදගත් ගමන් යන්න දාන සෙරප්පු විතරයි ගේ ඇතුලෙ පරිස්සමට අරන් තියලා තියෙන්නේ...සමහර දාට බල්ලෝ ඇවිල්ලා එක බාටයක් උස්සන් ගියාම ඒක හොයන්න ඌ පස්සෙ ගම වටේ දුවන්න ඕන....


..බට්ටි කෝ මගෙ බාටා දෙක....අප්පච්චි දාන් ගියාද...

..දන්නෙ නානේ..

..පොඩ්ඩක් බලන්නකෝ...උදෙත් මෙතනනෙ ගැලෙව්වේ...

..කෝද නන්නෙ තිව්වොත් හොයලා දෙනෝ..නත්නම් බා....

..ආ...



ධතාශ් බාටා දෙක හොයන එක පැත්තකට දාලා ඉනට අත් දෙක තියාගත්තා .....අයියටම හරියන නන්ගිනෙ...බටු ඇටෙත් ඉනට අත් දෙක තියාගෙන මූනත් උඩට කරන් බැලුවෙ හරියට ගහගන්න වගේ...

..දැන් එහෙමද..

..ඕ ඒම තමා....නන්නෙ කෝද කීලා කීනකම් ගෙනත් දෙන්නෙ නා...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now