0054 (Bonus)

1.8K 435 191
                                    


..

..

..






තීනු හිටියෙ මූන එල්ලගෙන......නාහෙන් අඩලා අඩලා හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරගෙන එක්කන් ආවට එයාට ඕන උනු කෙනාගෙ සේයාවක්වත් දකින්න නැතිවෙද්දි කොල්ලගෙ මූන අවුල් වෙලා ගිහින් තිබුනා...තව දවසක් තියාගන්න වෙයි කියලා කිව්වත් තීනුගෙ තියෙන මුරන්ඩුකමට බලෙන්ම දවල් වෙද්දි ටිකට් කපාගත්තා වගේම ඩොක්ටර්ස්ලා පරිස්සම් වෙන්න අවවද ගොඩක් දීලයි ආපහු ගෙදර එව්වේ....ටික කාලයක් යනකම් ඔලුව තෙමන්න එපා කිව්වා වගේම අවුවෙ ඉන්නත් ෆෝන් එක ඔබන්නත් එපා කියලා විශේශම කරලා තියෙද්දි තීනු හොරාවට ෆෝන් එක සාක්කුවට දාගෙන අහක බැලුවා....

ඒ කියන්නෙ ආදි එවලා තිබ්බ වීඩියෝ එක බලන්න වෙන්නෙ නෑ......අපරාදෙ..!!...



ආරංචි උනු ගමන් ආදිත් හැදුවෙ තීනුව බලන්න හොස්පිටල් එකට එන්න තමයි....ඒත් දවසක්වත් ඉන්නෙ නැතුව බලෙන්ම ටිකට් කපන් ආව නිසා ආදි සීයා අත්තගෙ ගෙදරට ආවා ලෙඩ්ඩු බලන්න කියලා සුපර් ක්‍රීම් ක්‍රැකර් බිස්කට් එකකුයි කෙසෙල් ඇවරියකුයි අරන්.....

..ඇපල් ගෙඩියක් ගෙනාවෙ නැද්ද හලෝ..

..ඇපල්..!...ඇපල් තමා උබට දෙන්න වටින්නෙ පොලොවෙ හිටන් ඉන්න බැරිවට......


ගෙනත් දීපු කවරෙ අවුස්සන ගමන් හිටිය තීනුට ගහන්න වගේ අත උස්සලා ආදි ආයෙමත් අත පහලට දැම්මා.....ලෙඩ කොල්ල්ට ගහන්න පුලුවනෑ...හැබැයි ඉතින් විහින් ඔලුව පලාගත්තට වඩා ගහන්න හිතෙන්නේ ඇපල් නැද්ද කියලා කට ඇරලා කැත නැතුව ඇහුව එකට තමා...ඇපල් නැද්ද...යැයි යැයි තමා...ඇපල් ගෙඩියක් දැන් කීයද.....දෙසීයකට කිට්ටු කරනවා රතු ඇපල් ගෙඩියක්.....සුපර් ක්‍රීම් ක්‍රැකර් ලොකුම පැකට් එක ගෙනත් දීලත් මූට තව ඇපල් ගිල්ලවන්නත් ඕන.....


ආදි තීනුටත් රවාගෙන සාලෙ පුටුවකට බර දුන්නා.....ලෙඩ්ඩු බලන්න නම් ආවෙ තනියම නෙවේ දසුනුයි චමුයි එක්ක.උන් දෙන්නා හෝ ගාලා ඉස්තෝප්පුවට වෙලා ඩැඩා එක්ක කතාවක්....තීනුගෙ ස්කෝලෙ වැඩ ගැන කතා කරනවා වෙන්න ඕන...ආදිත් පොඩ්ඩක් ඔලුව දාලා දැනටමත් බිස්කට් පැකට් එක කඩලා තිබ්බ තීනු දිහාට හැරුනා....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now