0014

1.9K 435 83
                                    

..

..

..

සාමාන්‍යයෙන් පලවෙනි පීරියඩ් තුන ගෙවුනට පස්සෙ කාලෙ දුවන්නේ විදුලි වේගෙන්..ඒකත් සිකුරාදා වගේ දවසක කාලෙ දුවන වේගෙ කියන්නවත් බැරි තරම්...කාලෙට ඔහේ දුවන්න ඇරලා ධතාශ් කරන්නෙම ඩෙස්කෙට ඔලුව ගහන් ඉන්න එක උනත් බෙල් එක වදිනකම්ම එයා ඔලුව උස්සන් සටහන් පොතේ මොනවදෝ ලියාගෙන ගියා...සමහරු ඇස් ලොකු කරන් බලන් හිටියා උනත් ඒක ගානක් නැතුවම ධතාශ් ගුරුවරයා උගන්නන දේ ලියාගෙන ගියා...ගුරුවරුන්ටත් පුදුමයි...එයා තමන්ගෙ කැමැත්තෙන් පාඩම අහගෙන ඉන්නෙ පුදුම කලාතුරකින්.....නැත්නම් පීරියඩ් කට් නොකලා උනත් එයා දවසම ඉන්නේ ඔලුව තියාගෙන....ඔලුව තියාගෙන කියනවට වඩා මහන්සියට නිදාගෙන...

කවුරු කොහොම මොනා කිව්වත් ධතාශ්ට වැඩක් උනේ නෑ..මොන අමාරුකම් තිබුනා උනත් එයා අයියෙක්..අයියෙක් විදිහට තමන්ගෙ නන්ගිගෙ ඉස්සරහ එයා ආදර්ශමත්ව හැසිරෙන්න ඕන....චූටි කෙල්ල සැරින් සැරේ බෙල්ල හරෝලා ධතාශ් දිහා බලද්දි...එයාට ඕන උනේ නෑ නන්ගි තමන්ව උගන්නන වෙලාවෙ පාඩම අහම් ඉන්නෙ නැති ..ඉගෙන ගන්න අකමැති කෙනෙක් විදිහට දකිනවට..එයාගෙ ඇත්ත විදිහ මොකක් උනත්....බට්ටිගෙ හිතේ එයා ගැන පොඩි හරි කලු පැල්ලමක් ඇති වෙනවට ධතාශ් බය උනා....දවසක නංගි , අයියා ඉගෙන ගත්තෙ නැත්නම් ඇයි මං ඉගෙන ගන්න ඕන කියලා කාගෙන්වත් අහනවා හිතන්නවත් එයා බය උනා...

තීනුගෙ ඇස් සැරින් සැරේට හැරුනෙ යකඩ දැලෙන් එහා හිටිය.බෝනික්කි ලගට...අනිත් අයට නුපුරුදු දෙයක් නොවුනත්...ඒක තීනුට අලුත් දෙයක්..පීරියඩ් ගානක ඉදන් දැලෙ එල්ලිලා ඇස් බෝල කරන් බලන් ඉන්න චූටි මැනිකව දැක්කාම එයාට හරියට ලෝබ හිතුනා....ඒ එයාමයි...දෙහි ඉල්ලන් ඇවිත් අන්තිමට පැය ගානක් කකුල බදාගෙන ඉදලා තීනුගෙන් හාදුවකුත් හොරකම් කරන් ගිය චූටි කෙල්ල...හුරතලේට ඔයා හලී පොතල්ද කියලා අහපු කෙල්ල....ඇබිත්තන් සයිස් ඇගිලිවලින් සූප්පුව වගේ වතුර බෝතලේ කටේ ගහන් ඉන්නවා...වෙලාවකට නියපොතු හපනවා...ඒ ඇගිල්ලම නහය ඇතුලට දාලා කසනවා...ආයෙ ටිකකින් අත් දෙකෙන්ම ඔලුව කසනවා....‍රෝස පාට තොල් ඈත් කරලා ලොකු ලොකු.ඈනුම්.යවනවා..

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now