0033

2K 446 82
                                    

..

..

..




එයා කනට කරලා මිමිනුවේ වචන කීපයක් විතරයි..ඒ කියන පමාවට හොරෙක් වගේ බෙල්ලෙ එල්ලිලා හිටිය තීනු එක ඇහැක් ඇරලා ධතාශ් දිහා බැලුවා.....හරියට මෙච්චර ඉක්මනට අහුවුනේ කොහොමද කියලා අහන්න වගේ....

..තියෙන කපටිකම...

මූනෙ ඇදුනු නිර්ව්‍යාජ හිනාවෙන්ම ධතාශ් එයාගෙ නහය තීනුගෙ නහයෙ වැදුව්වේ එහෙම කියන ගමන්...හොරාට බලන්න ගිය කොල්ලා අවසානේ ඉතුරු ඇහැත් ඇරගෙන සම්පූර්ණයෙන්ම ඇස් ඇරියා වගේම...කේන්ති අරන් රවන්න හිතුනත් ධතාශ්ගේ මූනේ තියන හිනාව දැක්කත් හරි ඒ මූනෙත් නිකන්ම.හිනාවක් ඇදුනා.

..එහෙම නෑ...

..එහෙම නෑ නෙවේ..බැහැපිය හොරගෙඩිය බිමට...එල්ලිලා ඉන්න ලස්සන ...

..මං බර නැනේ අප්පා...චුට්ටක් උස්සන් හිටියා කියලා මොකද වෙන්නේ..


ඔන්න තීනු නෝක්කාඩු කියන්න ගත්තා....ධතාශ්ට උනත් දැනෙනවා උස්සලා ගත්තට උනත් මෙලෝ බරක් නෑ කියලා..තනි අතින් උස්සලා පොලොවෙ ගහන්න පුළුවන් තරම් කියලා....ඒත් මේ හොරගෙඩියා කියන කියන හැමදේම කරන්න බැරි නිසා ධතාශ් සැර කලේ මූනත් නපුරු පාටට හදාගෙන...

..ජනේලෙන් එලියට විසි කරනවා මං දැන්..!!...

..මාව වඩාගත්තොත් තමා කට වැඩකරන්න ගන්නේ..ඒකට මොකද බට්ටිව නම් දවසම උනත් වඩන් ඉදී.

..දෙයියනේ ඒ කෙල්ලට තාම තුනයි..!!..

..ඉතින් !!!...

..තමුසෙට දාහතයි...

..ඉතින් !!!!....

තීනු කතා කරන්නෙ නිකම් ගහගන්ඩ වගේ.....තවම අවුරුදු තුනයි උනාට බට්ටි මොන්ටිසෝරි යන්නෙ එයා ජනවාරි මාසෙ ඉපදුනු නිසා...බට්ටි කියන නමට සාදාරනයක් ඉශ්ට කරන්නම මොන්ටිසෝරියේ ඉන්න බාලම වගේ පොඩිම ලමයා උනු බට්ටිගෙ පෙනුමත් බටු ඇටයක් වගේමයි....ධතාශ්ගේ දනිස්ස තරම්වත් උස නෑ...ඒකට තීනු...!!...මේ කොල්ලට දහ අටක් වෙන්නත් ඔන්න මෙන්න..ඒකට මොකද මේ අවුරුදු පහලවක් විතර වයස් පරතරයක් තියෙන පොඩි කෙල්ලෙක් එක්ක එයාවම සංසන්දනය කරගන්නවා.හරිම අගෙයි තීනුගෙ ක්‍රියාකලාපය නම්....


🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now