0082

1.4K 370 116
                                    


..

..

..




හරියටම බැලුවොත් ඒක ගමන් දෙකක්....එකක් ආදිගෙ නඩුව කතා කරන්න වෙනකොට..අනිත් කාරනාව උනේ අවුරුද්දට නෑගම් ආව එක.....අවුරුදු දවස පහු උනා උනත්....දවසක් ගානක් යනකම් අවසන් නොවෙන කැවිලි පෙවිලිවලින් අප්පච්චිටත් තීනුටත්...ආදිගෙ පවුලෙ අය සංග්‍රහ කරද්දි.....ශේප් එකේ එලියට ගිය ධතාශ් ආයෙමත් ඇතුලට ඇවිත් ආදිගෙ බෙල්ලෙන්ම ඇදන් ගියේ කොල්ලා අද නම් ධතාශ් එක්ක කතා කරන්න එන්නෙ නෑ කියලා හොදටම තේරුම් අරන්....

අප්පච්චිටවත් අම්මටවත් මේ ගම ඇතුලෙ තමන්ගෙයි කියන්න කවුරුත් නැති වෙද්දි....එයාලට පවුලක් වගේ ලන් වෙලා හිටියේ අසල්වාසියෝ විතරයි....කොහොමත් කරදරයක්.උනු ගමන් නෑයන්ට කලින් දුවන් එන්නේ අසල්වාසියෝ වෙද්දි....බෙල්ලෙන්ම ඇදන් එලියට ඇදන් යන ආදිත් ධතාශ් දිහාත් බැලුව ආදිගෙ අම්මා නම් දොරේ උලුවස්සට හේත්තු වෙලා මූනෙ ඇදුනු හිනාවකින් බලන් හිටියා......





...බලන්නකෝ අයියේ...අවුරුදු ගානක් ගිහිල්ලත් කොල්ලො දෙන්නගෙ යාලුකම තාම එහෙම්මමයිනේ.....ඇස් වහක් කටවහක් වදින්න එපා...

..ඒක නේන්නම් නන්ගියේ...ගමේ හැතිකරේට අහු නොවී කොල්ලො දෙන්නා ඔහොම හරි ඉන්න එක කොච්චර දෙයක්ද....



තීනුගෙ එක අතක කරස් කරස් ගාලා හැපෙන කොකිස් එකක්....අනිත් අතේ බීම වීදුරුවක්.....පදමට දෙහි දාලා හදලා තිබුනු උසම උස බීම වීදුරුව තොල් ලගට ලන් කරගෙනත් එයා ඒ උඩින් ඇස් උස්සලා බැලුවේ හොරාවට වගේ....ආදිගෙ අම්මයි අප්පච්චියි හිනාවෙවී කතා කරනවා.....ආදියි ධතාශ් ගැනයි.....ඒකත් මෙ තීනු මෙතන ඉන්න්කොටම.....තීනු ඉන්නවා කියලා ගානක්වත් නැතුව....

ආදිගෙ අම්මා බෝලයක් වගේ....ආදිගෙ පවුලටත් ඒ තරම් ලොකු වත්කමක් නැතත්...අම්මගෙ මූනෙන් පෙනුනා කවදාවත් දුක් විදලා නැති බවක්...වේලක්වක් නොකා ඉදලා නැති බව ඒ පිරුනු කම්මුල් එක්ක ඇග වටේ ටයර් බැස්සුවා හා සමාන තරබාරු ඇග හරි අගේට ගතු කියද්දි....ඇදලා උන්නු අලුත්ම මෝස්තරේ දිග ගවුමත්...පාට කරපු දිග නියපොතු තියෙන වම් අතත්.....අදුන් තවරල ඇහිබැම හදපු...දවසින් දවස සාත්තු කරන බව පේන මූනත්.....තරමක් ආඩම්බර පාට උනත්....ඒ තොල් අග නිරහංකාර හිනාවක් ඇදිලා තිබුනා.....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now