0053

1.4K 391 137
                                    


..

..

..

..ඩැඩා...........හ්හ්හ්...මගෙ ඩැඩා ඇවිල්ලා.....ඩැඩා......හ්.......

ධතාශ්ගේ අඩියක් පිටිපස්සට ගියේ එයාටත් නොදැනීමයි....මේතරම් වෙලා රිදෙන්වා කියන ගමන් ඔලුව අල්ලන් හිටිය තීනුගෙ මලානිකව ගිය ඇස්..එකම එක මොහොතකින් දිලිසෙන්න ගත්තේ බලාපොරොත්තු නොවුනු මොහොතක පෞද්ගලික රෝහලේ එයා වෙනුවෙන් වෙන්වෙනු කාමරයෙ දොරත් ඇරගෙන මතු උනු රූපය දකිනවත් එක්කමයි.....බැලූ බැල්මට ලොකු සමානකමක් නැතත් කලබලෙන් වගේ මතු උනු හැඩිදැඩි පිරිමි රූපෙට යාන්තමට වගේ තීනුගෙ හැඩ හුරුකම් තියෙනකොට..ඒ ඉන්නෙ කවුද කියලා අදුනගන්න ධතාශ්ට මහ ලොකු දැනුමක් ඕන උනේ නෑ.....

එක රැල්ලක් නැති වෙන්න පිලිවෙලට ඇදලා යට කරපු අත් දිග සුදුකමිසෙ එක්ක...නිල් පාට දිග කලිසමත් දිනේශ්ගෙ ඕනාවටත් වඩා පිළිවෙළ පෙනුම කියාපාද්දි...කොටටම කපපු කොන්ඩෙ නිසා සාමාන්‍යයෙන් මනුස්සයෙක්ගෙ ඇස් කැපිලා පේනතරමට වඩා ප්‍රමාණයක් ඒ තියුනු වගේම දරදඩු ඇස් කැපිලා පෙනුනා........සම්පූර්ණයෙන්ම කපපු රැවුල නිසා කොපුතල හා සමාන තියුනු කම්මුල් වගේම...තදට පියවුනු ලා දුබුරු පාට දෙතොලත් එයාගෙ ස්වරුපය කියාපෑවා...පරිනත බව ඉස්මතු වෙන්න මූනෙ ඇදුනු රේඛාත්...කොන්දෙන් නැවීමක්....බෙල්ල නැවීමක් හෝ නැතුව කෙලින්ම ඍජුව ඇවිදන් ආපු රූපෙ පොලොවෙ හඩ ඇහෙන තරමට තියපු බර අඩිත් ලෝබ නැතිවම දිනේශ්ගෙ රස්සාව මොකක්ද කියන්න පිටතට පෙන්නලා දුන්නා......

...තනියම තියලා මාසයක්වත් නෑ....ඒ ටිකට මොකක්ද කරගත්තෙ සුදු මහත්‍තයා ආ...මං කිව්වනෙ පරිස්සම් වෙන්න කියලා....

..ව්..වැටුනනෙ...

ඒක බැල්මක්ද නැත්නම් තප්පරයකටත් වඩා අඩු කාලෙකින් උනු පරික්ශාවක්ද......ධතාශ් ඉඩ දීලා එහාට වෙනවත් එක්කම....එයා කියලා කෙනෙක් නැති ගානට...අමුතුම බැල්මක් එකම එක වතාවක් විතරක් පා කරලා ඩැඩා ඇවිත් තීනුව තුරුලු කරගත්තා.......මූනෙ තිබුනු දරදඩු පෙනුම....තිනුව තුරුලු කරන් කිව්ව වචනවල ගෑවිලාවත් තිබුනේ නෑ.....සමහර විට ඒ ආදරනීය මෘදු බව එයාගෙ පවුලට විතරක්ම වෙන්න ඇති....තීනුත් ආපිට අත් යවලා ඩැඩාගෙ උරහිසට මූන ගහගනිද්දි.....තවත් එතන ඉන්න එක හොද නෑ කියලා තේරුණු ධතාශ් ඉක්මනට එලියට ආවේ එයාලට හුස්මකින්වත් බාදාවක් නොකරයි....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now