0009 (Bonus)

2K 426 107
                                    


..

..

..

ඒ ඇස් අග නලියපු පිනි කදුලු....ඇතුලාන්තයෙන් දඩබ්බර හිතක සියුම් තැනක් රිදෙව්වා...බොද උනු වීදුරු ඇස්වලින්...ඒ ඇස්වල දිලිහීම උදුරන් පිනි කදුලු පල්ලම් බහිද්දි...පිසලන්න..සනසන්න...අයිතියක් නැතිවම රලු අතක ඇගිලි එකට මිටි මෙලවුනා....වේදනාව උතුරන ඇස් එක්ක.....එක වචනයක් හෝ නොකියා යන්න යනකොට.....හිමිවීමක් නැති හදවතක් ඈත් වෙලා යන්න යනකොට....දුවගෙන ගිහින් උනුහුමට පපුව අස්සට තුරුලු කරන්න ඕන උනත්...."අයිතිය" කියන වචනය....හරි ආඩම්බරේට මග හරස් කලා.....

හරි ආඩම්බරේට මග හරස් කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



ඒත් අයිතියක් නැති තැනින් නික්මීම ගෞරවාන්විතයි කිව්වත්.....බලහත්කාරයෙන් අයිතිය ඉල්ලීම තරම් ලැජ්ජාසහගත තවත් දෙය ක් නෑ කියන්න ධතාශ් දැනන් හිටියෙ හැමදේම කාලයට බාර දෙන ගමන්....තප්පර ගානකට උනත්.....එකම එක හඩහඩක් ඇහෙනකම්....එයා ඒක විස්වාස කලා...අයිතිය ලැබෙනකම් මැදිහත් නොවී ඉන්න.....

ඒ වගේම...තවත් කෙනෙක්ට අයිතිවාසිකම් කියන්න ඉඩ නොදෙන්න....




..අයියා බබෝ...හ්හ්හ්...ඔහොම ඉන්ඩෝ...හ්හ්හ්හ්හ්....

..මුගෙ අප්පට....!!......


ධතාශ්ගේ හැම සන්සුන් හැගීමක්ම සුනු විසුණු වෙලා යන්න ගියේ තප්පර ගානයි.....ඇදලා අරන් තුරුලු කරගන්න හිතෙන තරමේ ඒ සුන්දර රූපය චායාවක් ගානට වේගෙන් වේගෙන් යන්න යනකොට....දැහැනක්ට සම වැදුනු ගානට බලන් හිටියේ හිතේ පොරකාපු හැගීම් ගොන්නක් එක්කයි...අහසෙ නිලට හුරු වැව් තලාව එක පැත්තකින් වෙද්දි..දූවිලි පාට ගුරු පාරේ.සුදෝ සුදුවට ඇඳගත් තීනුගේ රූපේ මායාවක් ගානට මැකීගෙන යන විදිහෙන් ඇස් එහාට ගන්න ඕනකමක් නොතිබුනු තරම්....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now