0095

1.2K 252 47
                                    


..

..

..

..ම්හ්ම්...සී..තලයිනේ...

මහ රෑ මැදක් වෙනකම්ම ඇදුමක්වත් ඇදන් ඉන්න බැරි තරමේ රස්නයක් දැනුනත් ටිකෙන් ටික පාන්දර යාමෙට ලන් වෙද්දි..දැනුනෙ මෙතෙකයි කියන්න බැරි තරමේ හීතලක්....ගුලිවෙලා වකුටු උනත් පහව නොයන තරමේ අමුතුම හීතලක්.....

කකුල්වලට විතරක් රෙද්දක් පොරවගත්තු තීනුට වෙනදා ඔය කියන හීතල නොදැනුනේ ශක්තිමත් පපුවක උනුහුම නිසා උනත්....අද ඒ උනුහුම නම් තීනුටත් හොරාම මැකිලා ගිහින් තිබුනා..ඇද පුරා අත ඇදගෙන ගියත්...දගලලා දගලලා කකුල් ගසලා අල්ලන්න හැදුවත්...එයා හොයපු දේ නොලැබෙනකොට...ඒ උනුහුම ඇදේ පැත්තක් හීතල කරන් යන්න ගිහින් කියලා තේරුම් යද්දි...තීනු ඇද උඩ වාඩි උනේ තොල්පටත් බෙරි කරගෙන....මූනට වැටෙන අකීකරු කොන්ඩෙ ඇගිලිතුඩුවලින් ඇදලා තව තවත් අවුල් කරගෙන....

...කොහෙද ගියේ....

ඇද පුරාමත් බලලා...පොත් මේසෙ උඩත් බැලුවත්....ධතාශ්ගෙ සේයාවක්වත් නැති වෙද්දි....තීනුගෙ කම්මුල් දෙකත් අමනාපෙන් පහලට එල්ලුනා....කේන්තියෙන්ම වගේ ඇදටත් පාරක් ගහලා....කකුල් දෙකෙන් ඇද රෙද්ද විසිවෙලා බිමට වැටෙන්න පාරකුත් ගහලා කම්මැලියා ඇදෙන් බැස්සේ නිකම් නෙවේ පොලොවෙත් අඩි හප්පන ගමන්....හරියට සේරම කලේ පොලොව ගානට ඒ පොලොවටත් කකුලෙන් රිදෙන්නම ගහන ගමන්...

ධතාශ් පේන්න නෑ...කොහෙද ගියේ කියලා හිතාගන්නවත් බෑ.....පොත් මේසෙ ලගම ප්ලග් පොයින්ට් එකක් තිබුනා වෙද්දි....චාජරේට ගහලා තිබුනු ෆෝන් එක කොල්ලා ඔන් කලෙත් අමනාපෙන්මයි......වෙලාව පාන්දර පහයි......මෙච්චර උදෙන් ධතාශ් කොහෙ ගිහින්ද.....ටොයිලට් ගියා නම් ඇදේ උනුහුමක් හරි ඉතුරු වෙන්න ඕන නේද...උනුහුමක්වත් නෑ කියන්නේ ධතාශ් ඇදෙන් නැගිටලා ගිහින් හුගක් වෙලා කියන එක නේද.....

...ඕන්නැ ඕන්නෑ..මහ ඕන්නෑ...

තීනු ෆෝන් එක පොත් ගොඩක් උඩට අතෑරලා කේන්තියෙන්ම ස්විච් එකත් ඕෆ් කලේ හරියට ධතාශ්ව හංගගත්තේ ෆෝන් එක ගානට දාලා...ඒ හංගගත්තු නිසා ෆෝන් එකට තවත් චාර්ජ් වෙන්න දෙන්නෙම නෑ කියලා හිතලා......සීයට සීයක්ම චාර්ජ් උනු ෆෝන් එක තීනුටත් ගස්සගෙන ස්ක්‍රීන් එක ඕෆ් කරන් ඇස් පියාගන්නකොට....පොතක් අරන් ෆෝන් එකට උඩට දමලා ගහපු තීනු කකුලෙන් මේසෙටත් පයින් පාරක් ගැහුවා....

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now