0010

1.9K 432 86
                                    


..

..

..

..ඩැඩා...හ්හ්..මාව එක්කන් යන්න ඇවිත්...මට ඉන්න බෑ ඩැඩා..මෙහෙ හරියට සිග්නල්වත් නෑ...ඩැඩා.....හ්හ්...

..හෙ..ලෝ...මො..ක..ක්ද...


තීනු වම් කකුලට බර උනා...ආයෙමත් දකුනු කකුලට බර උනා...ගානට කපපු ලා රෝස පාට නියපොත් තියෙන ඇගිලිතුඩුවලින් පුළුවන් තරම් උඩට ඉස්සුනා...ඔලුවටත් උඩින් අත් දෙකම ඉස්සුවා....ෆෝන් එකේ කෙලවරින්ම අල්ලගත්තා...ඒ උනත්...අඩි පහයි ගානකට වඩා උස් වෙන්න බැරි වෙද්දි තීනු කේන්තියෙන්ම කෑ ගැහුවා...

එයා හරියට දැන් කොකෙක් වගේ...එක කකුලක් උස්සන් අනිත් කකුලට සම්පූර්ණයෙන්ම බර දීලා ඉස්සිලා ඉන්නවා...සිග්නල් නැති නිසා අතිනුත් ෆෝන් එක උඩට කරන් කෑ ගහනවා...කාත් කවුරුත් නැති කැලේ එයා කියන දේ අහන්නවත් කෙනෙක් නැති වෙද්දි...ෆෝන් එක උඩ තියෙද්දිම එයා සද්දෙන් කෑ ගැහුවා...සිග්නල් කනුවක් මතුවෙන වාරයක් පාසා කොරවක්කෙක් වගේ ඒ කකුලෙන් මේ කකුලටයි..මේ කකුලෙන් ඒ කකුලටයි මාරු උනා....

..ඩැඩා මට ඉන්න බෑ...!!..ඉන්න බෑ කියන්නෙ ඉන්න බෑ....ඔය දෙන්නා මාව දාලා කැනඩා ගිහින්...මාව මෙහෙ දාලා...බොරුත් කියලා...

..මොනාද ඔය කියන්නෙ ලමයෝ...හ්...කවුද කියන්නෙ අපි කැනඩා යනවා කියලා...

..තීනු කියන්නෙ...!!..තීනු තමා කියන්නේ ඩැඩාලා කැනඩා ආවා කියලා.

..ලමයෝ ඔ..

..කතා කරන්නෙපා...!!..මං එනවා...අද රෑම මං බස් එක අරන් කොලබ එනවා....

..ඇත්තටම ...?..

සිග්නල් නැති නිසා කැඩි කැඩී ඇහුනා උනත් තිනුට හොදටම තෙරුනා ඩැඩා සමච්චලේට හිනා උනා කියන්න...

..ඇයි හිනාවෙන්නෙ ආ...හිනාවෙන්න එපා..!!..හිනාවෙන්න එපා...!

එයාට කේන්ති ගිහින්...කම්මුල් රෝස පාට වෙලා...ඩැඩා ඉස්සරහා ඉන්නවා කියලා හිතාගෙන එයා කේන්තියෙන්ම පොලොවෙ අඩි හැප්පුවා...

..හිනාවෙන්න එපා කියන්නේ..හා ඩැඩාගේ චෑම්ප් කියමු බලන්න කොහොමද කොලබ එන්නෙ කියලා..

..බස් එකේ..!!!..

..මොන බස් එකේද..

..කොලබ බස් එකේ...

🍁නූශ්🍁(Zhanyi)Where stories live. Discover now